Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Amba Yaluwo

Amba Yaluwo

0 customer ratings, click here to login to do the ratings.

by T.B. Ilangaratne
Price : LKR 750.00

Book Details
ISBN9789558156148
AuthorT.B. Ilangaratne
PublisherSTAMFORD
Year0
Edition
Category Sinhala Books

Book Description

දා සුනිල් ගෙදර යන විට පහළ පඩිය ළග කමතේ කොළ මඩවනු බලමින් අම්මා එහි සිටියා ය. සුනිල් දුටු ඒ පඩි බැම්මෙන් නැගිට සුනිල්ගේ අත අල්ලා ගෙන පඩි පෙළ නැග ගියා ය. “ඔන්න පුතාගේ ඇඳුම් අද ගෙනවා.” සුනිල් නිශ්ශබ්ද වුයේ ය. “මොකද උඹ කතා නො කරන්නේ? ඇඳුම් ගෙනාවට තරහ ද?” “නෑ” “එහෙනං?’ “අම්මා, ඇයි මට ඔය හැටි ඇඳුම් හම්බ වෙන්නේ?” “ඉස්සර ජාතියේ උඹ රෙදි දන් දීලා තියෙනවා. ඒක නෙවැ.” “කාට ද?” “හාමුදුරුවන්ට, රෙදි නැති අයට” “මේ ජාතියේ දන් දුන්නොත් මොකද වෙන්නේ?” “අනික් ජාතියේ ඇඳුම් ලැබෙයි.” “මේ ජාතියේ නුදුන්නොත්?” “අනික් ජාතියේ එතකොට ලැබෙන එකක් නෑ.” කියමින් අම්මා ගෙට ගොඩ වූවා ය. දෙදෙන ගොස් ඇඳුම් මිටිය ලිහා බැලූවෝ ය. සුනිල් ඒ මේ අත හරවමින් බැලූවේය. “අම්මා.” “මොකද පුතා?” “මෙයින් එකක් මං දන් දෙන්නං?” කියමින් අලූත් ඇඳුම් කට්ටලයක් අතට ගත්තේ ය. “කාට ද?” “ඇඳුම් නැති ළමයකුට” “ඔය බොරු නැතුව නිකං ඉන්ට. කෝ බලන්ට අඳින්න සූට් එකක්.” සුනිල් සිතිවිල්ලේ ඇඳ ගත්තේය. ඇඳුම් හරි ගණනට මසා තිබිණි. “අනේ, අම්මා. මේ හයෙන් එක සූට් එකක් මං දෙන්නං ළමයකුට?” “කවුද ඔය ළමයා?” “අම්මා අඳුනන්නේ නෑ. එයාට ඇඳුම් නෑ. බාග විට ඒ හින්දා තෑගි උත්සවයට එන එකකුත් නෑ.‘’ “අප්පච්චිගෙන් අහලා කැමති නං දීපන්” “අනේ, අම්මා, මට අහන්ට බෑ. අම්මා අහල මට කියන්ට.” “බත් කාපන්කෝ.” සුනිල් කෑම කන ගමන නැවත නැවතත් අම්මාට තමාගේ ඉල්ලීම ගැන ඇවිටිලි කළේ ය. “හා, හා, හා” අන්තිමේදී කන්දොස්කිරියාවෙන් බේරෙන්නට දෝ අම්මා කීවා ය. “එහෙනං එකක් දෙන්නං?” “හොඳයි කීවා නොවැ” “අප්පච්චි බැන්නොත්?” “එක මං බලා ගන්නං කීවා නෙවැ” “හොඳ අම්මා, හොඳ අම්මා” කියමින් සුනිල් පුටුව උඩට නැග, ඉඳුල් අත ඉවතට කර, වමතින් අම්මාගේ බෙල්ල බදාගෙන මුහුණ සිම්බෙය. “ඔය, මගේ මූණෙත් එකක් ඉඳුල්!” කියමින් අම්මා බොරුවට ඔසරි පටින් මුහුණ පිස දා ගත්තා ය.

Books Related to This Book

Ambalam (Sinhala)
Ambalam (Sinhala)

LKR 190.00

Nilambare 3
Nilambare 3

LKR 360.00

Bamba Viharana Thulin Sitha Niveema
Bamba Viharana Thulin Sitha Niveema

LKR 200.00

Karamba Yaya
Karamba Yaya

LKR 950.00

Tambamaila
Tambamaila

LKR 250.00

Sir Ponnambalam Ramanathan
Sir Ponnambalam Ramanathan

LKR 200.00

Aruma Puduma Ambarum Gala Rusiyanu Janakatha Ekathuwa
Aruma Puduma Ambarum Gala Rusiyanu Janakatha Ekathuwa

LKR 750.00

Ambalame Pina
Ambalame Pina

LKR 200.00

4 Shreniya Colamba Iscole Shishathwa Adarsha Prashna Pathra Kattalaya
4 Shreniya Colamba Iscole Shishathwa Adarsha Prashna Pathra Kattalaya

LKR 450.00

Hata Hathara Dawasak Dambadiwa
Hata Hathara Dawasak Dambadiwa

LKR 300.00

Sagara Gambare
Sagara Gambare

LKR 340.00

Oba Ena Thek Api Bambalowa
Oba Ena Thek Api Bambalowa

LKR 350.00

DHIRUBHAISM: The Remarkable Work Philosophy of Dhirubhai Ambani
DHIRUBHAISM: The Remarkable Work Philosophy of Dhirubhai Ambani

LKR 442.50

Kuttra Parambarai
Kuttra Parambarai

LKR 2,970.00

Sambawaya Thala Deepani
Sambawaya Thala Deepani

LKR 500.00