Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Suwada Thotupola

Suwada Thotupola

0 customer ratings, click here to login to do the ratings.

by Ganga Niroshani Suduvalikanda
Price : LKR 680.00

Book Details
ISBN9789556523744
AuthorGanga Niroshani Suduvalikanda
PublisherWijesooriya
Year2015
Edition1
Category Sinhala Books

Book Description

මම ඒ දිනවල අලුත් සිතුවමක වැඩ පටන් ගෙන තිබුණෙමි. එය ළා අළු පැහැති බිත්තියක් පසුබිම් කරගත් උස කනප්පුවක් මත තබා ඇති වයින් කෙණ්ඩියක් සහ පැතලි ලෑලි තැටියක තැබූ මිදි පොකුරක සිතුවමක් විය. දවසක් වංචායි පැත්තේ ඇවිදිමින් සිටින වේලාවක මට අවශ්‍ය ව තිබූ කෙණ්ඩියක් කුඩා වෙළඳ සැලකින් මිලදී ගන්නට මට හැකි විය. එය සුදු පැහැති පිඟන් මැටි කෙණ්ඩියක් වූ අතර මට ඕනෑ වී තිබුණේ ඒ සිතුවමේ පැරණි දුර්වර්ණ වූ ස්වභාවයක් පෙන්වන්නටය. එබැවින් මම ලිපිද්‍රව්‍ය අලෙවි කරන වෙළඳ සල් කිහිපයක විපරම් කර උඩට ඉලිප්පී පෙනෙන රටා මෝස්තරයක් ඇති පාට සේදී ගියාක් වැනි තැඹිලි පැහැයකින් යුතු කරදාසියක් මිලදී ගෙන සුදු පැහැය වැසෙන සේ එය කෙණ්ඩියේ ඇලෙව්වෙමි. අයිකියා සාප්පුවෙන් මිලදී ගත් තැටියක් මා ළඟ තිබිණි. මම මිදි පොකුරක් මට අවශ්‍ය ආකාරයට ඒ මත තබා පැහැය මැලවී, වියළී යන තුරු දින කිහිපයක් ඒ පරිද්දෙන් තියෙන්නට හැරියෙමි. ඉන්පසු ඒ දෙකම කුඩා කාමරයේ තිබූ කනප්පුව මතින් තබා එය බලාගෙන අඳින්නට පටන් ගත්තෙමි. දූවිලි බැඳුණු ස්වභාවයක් පෙන්වනු පිණිස මම කලින් හුණු කූරක් සිහින්ව කුඩු කර හලා කනප්පුව මත ඉසගෙන තිබුණෙමි. මධ්‍යම රාත්‍රිය වන තුරු සිතුවම් අඳිමින් සිටි අපට අයිස් ක්‍රීම් කෑමේ අදහසක් එකවර පහළ විය. එහෙත් නිවසේ අයිස්ක්‍රීම් තිබුණේ නැත. ඉතින් අපි 7-ඉලෙවන් වෙළඳ සලට ගොස් අයිස්ක්‍රීම් දෙකක් මිලදී ගෙන විත් ගොඩනැගිල්ල ඉදිරිපස ඇති මිටි කොන්ක්‍රීට් තාප්පය මත වාඩිවී කතා කරමින් කන්නට වීමු. ඒ අතරේ සමැන්තා මගේ සම්පූර්ණ නම උච්චාරණය කරන්නට වෙහෙසෙමින්, මට දිග වාසගමක් සහිත එතරම් අමාරු නමක් තිබීම ගැන චෝදනා කළාය. "ඉස්සර අපි කියනවා චීන මිනිස්සුන්ට නම් දාන්නෙ මොනවහරි පිඟන් කෝප්ප පොළොවෙ ගහලා එතකොට ඇහෙන එක එක සද්දවලින් කියලා." මම සිනාසෙමින් කීවෙමි. "දන්නවද, ඉස්සර අපේ නමුත් හරිම දිගයිලු. නම් කොට වුණ විදිය ගැන ජන කතාවක් තියෙනවා. කියන්නද? හුඟාක් ඉස්සර කාලෙ ඈත චීනෙ පිරිමි ළමයි දෙන්නෙක් ජීවත් වුණාලු. එක්කෙනෙකුගෙ නම සෑම්. මගේ වගේ. අනිත් එක්කෙනාගෙ නම ටිකි ටිකි ටෙම්බෝ නෝ සරිම්බෝ හරි කරි බුෂ්කි පෙරි පෙම් දෝ හායි කායි පොම් පොම් නිකී නෝ මීනෝ දොම් බරාකෝ." ඇය සිනාසෙමින් කතාව කියන්නට වූවාය.

Books Related to This Book

Anne Frank Mathaka Suwada Translation of Memories of Anne Frank by Alison Leslie Gold
Anne Frank Mathaka Suwada Translation of Memories of Anne Frank by Alison Leslie Gold

LKR 800.00

Suwada Vilawun
Suwada Vilawun

LKR 350.00

Sitha Tama Suwadai
Sitha Tama Suwadai

LKR 390.00

Lowa Wata Jana Katha 1: Kama Suwada Horakam Kala Wagai
Lowa Wata Jana Katha 1: Kama Suwada Horakam Kala Wagai

LKR 200.00

Suwada Hamana Me Massi
Suwada Hamana Me Massi

LKR 400.00

Ape Iskole Suwada Hamana Mee Messi
Ape Iskole Suwada Hamana Mee Messi

LKR 200.00

71 Mathaka Suwada
71 Mathaka Suwada

LKR 240.00

Guru Guna Suwada
Guru Guna Suwada

LKR 580.00

Suwada Kekulu (Sinhala)
Suwada Kekulu (Sinhala)

LKR 80.00

Suwada Yahaluwo
Suwada Yahaluwo

LKR 200.00

Dabadiwa Sadaham Suwada
Dabadiwa Sadaham Suwada

LKR 450.00

Sil Suwada
Sil Suwada

LKR 375.00

Apal Suwada Musu wu Govi Bima
Apal Suwada Musu wu Govi Bima

LKR 300.00

Kiri Suwada
Kiri Suwada

LKR 200.00

Panhidaka Gemi Suwada
Panhidaka Gemi Suwada

LKR 750.00