Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Weda Beri Dasa Gena Katha : Weda Beri Dasa Kawi Liyapu Heti 4

Weda Beri Dasa Gena Katha : Weda Beri Dasa Kawi Liyapu Heti 4

0 customer ratings, click here to login to do the ratings.

by Dedigama V. Rodrigo
Price : LKR 200.00

Book Details
ISBN9789551319595
AuthorDedigama V. Rodrigo
PublisherPrograsive
Year2017
Edition1
Category Sinhala Books

Book Description

වැඩ බැරි දාස ගැන කතා - 4 කොටස . . . වැඩ බැරි දාස ගෙදර ඇවිත් මුළු දවස තිස්සේම කවි ගොතන්ට පටන් ගත්තා. කාමරය තුළ ඇවිදිමින්, වරෙක බිම බලමින්, තවත් වරෙක සීලිම දෙස බලමින් දෑතින් නිකට අල්ලා ගනිමින් තොල මතුරන්ට වුනා. ඔන්න අන්තිමේදි එයා කවියක් හැදුවා. "සෝයුරනි! මම කවියක් පද බැන්දා. මෙන්න අහපල්ලා!" "ඉතින්, ඉතින් කියාපන්කෝ!" හැම දෙනාම ඔහුගෙන් ඉල්ලා හිටියා. "මම කවි හැදුවෙ නුඹලා ගැනයි. පළමුවෙනි කවිය දක්ස පාල ගැනයි. මෙන්න අහපල්ලා!- "දක්ස පාල ගියේ ගඟට නාන්නට, ඔළුවට උඩින් පැනලා වැටුනා වළකට!" "මොනවා? මම වළට වැටුනෙ කවදාද?" දක්ස පාල ඇහුවා. "ඒක ඇත්ත තමයි. ඒ වුනාට මම එහෙම ලිව්වෙ එළිසමය ගලපා ගන්ට," වැඩ බැරි කවියා විස්තර කළා. "ඉතින් නුඹේ එළිසමය රැක ගන්ට පට්ට පල් බොරුවක් ඇද බානවද?" දක්ස පාල ඇහුවෙ බොහොම කේන්තියෙන්. "සත්තකින්ම, මම ඇත්ත සිද්දි ගැන ලියන්නෙ මොකටද? ඇත්ත ගැන කවි ලියන්ට ඕන නැහැ." "නුඹ තවත් ඔය වගේ කවි ලිව්වොත්, නුඹට වැඩ වරදීවි." දක්ස පාල තර්ජනය කරලා මෙහෙම ඇහුවා: "ඉතින් නුඹ ලියාපු අනිත් කවි මොනවාද?" "කඩිනම් රාළ ගැන ලියාපු කවිය අහපන්,- හැදුනා කඩිනම් රාළට බඩගින්නක්, ගිල්ලා හීතල ඉස්තිරික්කයක්." "සෝයුරනි! වැඩ බැරියා කියන මේ කවි මොනවද? මම කවදාවත් ඉස්තිරික්ක ගිලලා නැහැ." කඩිනම් රාළ වේගයෙන් කෑ ගැහැව්වා. "නුඹ කෑ ගහන්ට එපා. මම කවිය ගෙතුවේ එළිසමය රැක ගන්ට ඕනෑ හින්දා. හීතල ඉස්තිරික්කයක් කියලා ලියුවේ බඩගින්නක් කියන වචනයට ගැළපෙන විදිහට," වැඩ බැරි කවියා කියුවා. "මම හීතල ඉස්තිරික්කයක් හරි රශ්නෙ තියෙන ඉස්තිරික්කයක් හරි කවදාවත් ගිලලා නැහැ!" "ඉතින් මම කියන්නෙ නැහැ නොවැ, ඔයා රශ්නෙ තියෙන ඉස්තිරික්කයක් ගිල්ලා කියලා" වැඩ බැරියා කඩිනම් රාළව සනසලා, ඈනුමා ගැන ඔහු ලියාපු කවි ගැන මෙහෙම කිව්වා: "ඈනුමා ගැන ලියාපු කවි අහපල්ලා!- ඈනුමාගෙ කොට්ටය යට සඟවා තලප රෑ කෑමට." ඈනුමා දුවලා ගිහිල්ලා ඇඳේ තිබුණු කොට්ටය ඔසවා බැලුවා. "හරිම බොරුවක්! මගේ කොට්ටය යට තලප නැහැ." "අපේ ඈනුමාට කවි ගැන කිසිම දැනීමක් නැහැ. මම ඒ වචන ලිව්වෙ එළිසමය ගලපා ගන්ට විතරයි. ඔන්න අහපල්ලා මම එඬරු තෙල් දොස්තර ගැන ලියපු කවිය." "නවත්වාපන්! නුඹගෙ ඔය පල් හෑලි අහන්න අපි තව දුරටත් ලෑස්ති නැහැ. නුඹ ලියා තියෙන්නෙ කවි නොවෙයි, මිනිස්සුන්ට නින්දා කරන බොරු කතා!" එවිට දක්ස පාලයි, කඩිනම් රාළයි, ඈනුමායි විතරක් ඒ අදහසට විරුද්ධ වෙලා කෑ ගැසුවා. "අනිත් අය ගැන ලියපු කවිත් කියවාපන්! අපි ඒවා අහන්ට කැමතියි. ඒ ගොල්ල අපි ගැන ලියාපු කවිත් ඇහැව්වා නොවේද?" "නැහැ! ඕන නැහැ. අපි ඒවා අහන්න කැමති නැහැ!" අනිත් කුරු ළමයි සියලු දෙනාම එකවර කියුවා. "නුඹලා කැමති නැතිනම් මම ඒ කවි අල්ලපු ගෙදර මිනිස්සුන්ට කියවන්නම්," වැඩ බැරි කවියා කියුවා. "මොනවා? නුඹ අල්ලපු ගෙදර මිනිසුන් ඉදිරියේ අපට අවමන් කරන්ට හදනවද? නුඹ එහෙම කළොත් ආපහු මේ ගෙදරට එන්නෙ නැහැ!" "සෝයුරනි! මම එහෙම කරන්නෙ නැහැ. නුඹලා මා සමඟ තරහ වෙන්ට එපා" ඔන්න ඉතින් එදා සිට කුසුම් පුරයේ වැඩ බැරි දාස කවි ලිවීම අතහැර දැම්මා.

Books Related to This Book

Akuru Mihira Weda Potha 1
Akuru Mihira Weda Potha 1

LKR 220.00

Sathara - Grade 06 Ganithaya Weda Potha (2015 New Syllabus)
Sathara - Grade 06 Ganithaya Weda Potha (2015 New Syllabus)

LKR 320.00

Akuru Mithuru Pera Liweeme Weda Potha
Akuru Mithuru Pera Liweeme Weda Potha

LKR 900.00

Mage Inima Roshan Mahanama Wedanathmaka Samugenimen Thiraka Lesa Yali Pitiyata
Mage Inima Roshan Mahanama Wedanathmaka Samugenimen Thiraka Lesa Yali Pitiyata

LKR 1,250.00

Wegayen Ganan Hadamu Delisa Weda Potha 4 Shreniya
Wegayen Ganan Hadamu Delisa Weda Potha 4 Shreniya

LKR 100.00

Manawa Sanniwedanaya
Manawa Sanniwedanaya

LKR 300.00

Motor ratha thakshanawedaya  Bahuwarana prashna ha pilithuru
Motor ratha thakshanawedaya Bahuwarana prashna ha pilithuru

LKR 160.00

Apuru Katha Awusada Wedana
Apuru Katha Awusada Wedana

LKR 200.00

Sora Detuwange Weda Bimaka
Sora Detuwange Weda Bimaka

LKR 250.00

Sathara 5 Maubasa Sinhala Weda Potha - Grade 05
Sathara 5 Maubasa Sinhala Weda Potha - Grade 05

LKR 380.00

Sathara Weda Potha Grade 01 (Sinhala, Ganithaya, Parisaraya, Demala)
Sathara Weda Potha Grade 01 (Sinhala, Ganithaya, Parisaraya, Demala)

LKR 490.00

Salika Pera Pasal Nawa Nirdesha Weda Potha
Salika Pera Pasal Nawa Nirdesha Weda Potha

LKR 180.00

My Tutor Saukkaya Ha Sharirika Adyapanaya 6 Sreniya Panthi Weda Potha (Sinhala)
My Tutor Saukkaya Ha Sharirika Adyapanaya 6 Sreniya Panthi Weda Potha (Sinhala)

LKR 200.00

1 Sreniya Sinhala Weda Potha ( Shikshaka Medura )
1 Sreniya Sinhala Weda Potha ( Shikshaka Medura )

LKR 470.00

Weeodarara Wedamalla
Weeodarara Wedamalla

LKR 265.00