Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Aee hewath Ayesha 1 (Sinhala)

Aee hewath Ayesha 1 (Sinhala)

0 customer ratings, click here to login to do the ratings.

by Karunathilaka
Price : LKR 350.00

Book Details
ISBN9789555518277
Author Karunathilaka
PublisherDAYAWANSA
Year0
Edition1
Category පරිවර්තන නවකතා

Book Description

"ඒ වුණාට මම ද්වේෂ කළ අර යුදෙව්වන් ගෙ - මම මගේ දර්ශනය ඔවුන්ට උගන්වන්න යන කොට, ඔවුන් මට 'මිථ්‍යා දෘෂ්ටිකයා', 'අශිෂ්ටයා' කියල කිව්වා - මෙසෙයියා ආව ද? ඔහු ලෝකය පාලනය කරනවා ද?" "ඔවුන් ගේ මෙසෙයියා ආවා," යි මම ගෞරවාන්විත ව පිළිතුරු දුන්නෙමි. "නමුත් ඔහු ආවේ බොහොම දිළිඳු ව, දුප්පත් ව, බොහොම හෙමින්. ඉතින් කිසි කෙනෙක් ඔහු පිළිගත්තෙ නැහැ. ඉතින් ඔවුන් ඔහුට කස පාර දී ලා, තාඩන පීඩන කර ලා ගහක තියලා කුරුසියේ ඇණ ගැහුවා. ඒ වුණාට ඔහු ගේ වචන යි ඔහු කළ වැඩ යි පවතිනවා. ඒකට හේතුව ඔහු දෙවියන් වහන්සේ ගේ පුත්‍රයා වීම. ඉතින් ඇත්ත වශයෙන්, ඔහු ලෝකයෙන් අඩක් පාලනය කරනවා. නමුත් ලෞකික අධිරාජ්‍යයක් ඇතුව නෙවෙයි." "අයියෝ දරුණු හදවත් ඇති වෘකයෝ," යි ඈ කීවා ය. "සෙන්ස් ගේ සහ වෙනත් බොහෝ දෙවිවරුන් ගේ අනුගාමිකයො - ලාභ ප්‍රයෝජනවලට කෑදර, කොටස්වලට බෙදී ගිය ශ්‍රාවකයො - ඔවුන් ගේ අඳුරු මුහුණු මට තව ම පේනවා. ඉතින් ඔවුන් තමන් ගෙ මෙසෙයියාව කුරුසියේ තියලා ඇණ ගැහුවා? මම ඕක කොහොම විශ්වාස කරන්න ද? ඔහු ජීවමාන ස්ප්‍රීතුවේ පුත්‍රයා ය කියන එක ඔවුන්ට ගණන් ගත යුත්තක් වුණේ නෑ. ඇත්ත වශයෙන් ම ඔහු එ වැන්නෙක් වුණා නම්, අපි ඒ ගැන පසුව කතා කරමු. ඕනෑම දෙවියන් වහන්සේ කෙනෙක් වේ වා, ඔහු බලයත් ඓශ්චර්යයත් නැතුව ආවොත්, ඔවුන් ගණන් ගන්නෙ නැහැ. තෝරා ගනු ලැබූ ජනතාවක්, ජෙහෝවහ් යි කියනු ලබන ඔහු ගේ ම මූර්තියක්, ඔව්, බාල්හි මූර්තියක්, අස්තොරෙත්හි මූර්තියක්, මිසර දෙවිවරුන් ගේ මූර්තියක්, ඉතා වංශවත් ජාතියක්, වන ඔවුන් තමන්ට ධනය යි බලය යි ලබා දෙන දෙයට කෑදර කම් දක්වනවා. ඉතින් ඔවුන් තමන් ගේ මෙසෙයියා පැමිණියේ දිළිඳු දුප්පත් පහත් වේශයකින් නිසා, ඔහුව කුරුසියේ තියලා ඇණ ගැහුවා - දැන් ඔවුන් ලෝකය පුරා විසිරිලා ගිහිල්ලා. ඇයි, මට මතක හැටියට නම්, ඔවුන් ගේ එක් අනාගත වක්තෘවරයෙක් එහෙම වන බව කිවුවා නේ ද? හොඳ යි, ඔවුන් යන්න ගියා වේ - ඒ යුදෙව්වෝ මගේ හදවත සිඳ ලා බිඳ ලා දැම්මා. ලෝකය දිහා දුෂ්ට ඇස්වලින් බලන්න මාව පෙලඹෙවුවා. ඔව්, මේ පාළු වන ගහනයට මාව එළවලා දැම්මා. ඔවුන්ට කලින් ජාතියක් වාසය කළ මේ ස්ථානයට මාව පන්නලා දැම්මා. ජෙරුසෙලමේ දී මම ඔවුන්ට ප්‍රඥාව දෙන්න උත්සාහ දරන කොට, ඔවුන් මට ගල්වලින් ගැහුවා, ඔව්, අර සුදු රැවුල් කාර කුහකයෝත් රැ බයිලාත් සිද්ධ ස්ථානයේ දොරටුව ළඟ දී, මට ගල්වලින් ගහන්න මිනිස්සු මෙහෙයුවා ! මේ බලන්න, අද දක්වා ඒ තුවාළ කැළල තියෙනවා. !" මෙ සේ කියා ඈ එක් වර ම, සිය සුන්දර අතෙහි වූ දැල් රෙදි වෙළුම පිටු පසට අකුළා, රූමත් සුදෝ සුදු සම මතු පිට වූ රක්ත වර්ණ කුඩා කැළලක් මට පෙන්වූවා ය. හෙන්රි රයිඩර් හැගාඩ් විසින් රචනා කරන ලද Ayesha නව කතා මාලාවේ සිංහල පරිවර්තනයේ පළමු වැනි කොටස.

Books Related to This Book

The Ultimate Guide to Hotrods & Staeet Rods
The Ultimate Guide to Hotrods & Staeet Rods

LKR 3,295.00

Aee hewath Ayesha 1 (Sinhala)
Aee hewath Ayesha 1 (Sinhala)

LKR 350.00

Advances in Power Systems and Energy Management: ETAEERE-2016
Advances in Power Systems and Energy Management: ETAEERE-2016

LKR 45,771.00

Aee Hewath Ayesha 2 (Sinhala)
Aee Hewath Ayesha 2 (Sinhala)

LKR 350.00

Kaelaeewa Saha Purana Gama
Kaelaeewa Saha Purana Gama

LKR 180.00