Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Kadadahi gedara

Kadadahi gedara

0 customer ratings, click here to login to do the ratings.

by malani govinnage
Price : LKR 275.00

Book Details
ISBN9789559433590
Authormalani govinnage
PublisherDarshana Publishers
Year2017
Edition1
Category Sinhala Books

Book Description

කතාව ආරම්භ වන්නේ කේම්බ්‍රිජ් සරසවියේ මහාචාර්‍යවරියක් වන බ්ලුමාගේ මරණයෙනි. ඇය එමිලි ඩිකින්සන් ඇමරිකානු කිවිදියගේ කෘතියක් කියවමින් පාර මාරුවනවිට මෝටර් රථයක ගැටී මියයයි.මරණයෙන් මාස කිහිපයකට පසු ඇගේ නමට උර්ගුවේ රටින් පොතක් ලැබෙයි. එහි පෙනුම අමුතුය, අපිරිසිදුය. කතානායකයා බ්ලුමාගෙ හිස්වූ තනතුරට පත් ආචාර්යවරයෙකි. ඔහු බ්ලුමාට පොත එවූ තැනැත්තා සොයා යෑමේ සංචාරය හා පොත එවූ පුද්ගලයාගෙ චරිතය අන්‍යයන් ගේ වදන් ඔස්සේ අප වෙත ඉදිරිපත් කිරීම ඩොමින්ගුවේස් නවකතා ආකෘතියයි ''ඔහුගේ පොත්වලින් ලොකු රාක්ක පිරුණ. ඒවා කාමරවල ගෙබිමෙ ඉදලා සීලිම දක්වා උසයි'' ''ඒවා මුළුතැන්ගෙයි විතරක් නෙමෙයි නිදන කාමර නාන කාමරවල පවා ගොඩගැහුණා.'' ''කාරෙක යාළුවෙකුට දීලා මිනිහා ගරජයත් පොත්වලින් පිරෙව්වා'' බ්‍රවුවර් නැමති බ්ලුමාගේ ස්නේහවන්තයෙකු වන මෙම ගුප්ත මිනිසා පොත් ලෝලියකු බව අපට වැටහෙන්නට ගනී.බ්‍රවුවර් තම නිවස අතහැර රොචා වෙරළ ආසන්නයේ නව නිවසක් තනයි. එය සම්පූර්ණයෙන්ම පොත්වලින් ගොඩනගන ලද නිවසකි. බිත්තිවලට බිමට වහලට අමුද්‍රව්‍ය සේ යොදාගන්නේ සිමෙන්ති යෙදූ පොත්‍මය. එහෙත් හදිසියේම ඔහුට බ්ලුමාගෙන් ලිපියක් ලැබෙයි. ඇය ඔහුට දුන් පොතක් නැවත ඉල්ලා සිටී. ඔහු ගොඩනැගු කඩදහි මාළිගය තැනින් තැන කණිමින් පොත සොයාගෙන එය ඇයට යවයි. එහෙත් ඇයමියගොසිනි. ''මිනිහා පොත්වලින් ගේ හැදුවා. ඊටත් වඩා පුදුමේ මිනිහා ඒකේ හිල් හදන්ඩ ගැනීමයි. කොහොම නමුත් අවසානෙ පොත හොයාගන්නකල්ම මිනිහා මුළුගේම පෙනේරයක් කළ''. ''විනාශ කරල දාපු ගේ දිහා බලාගෙන ඉදලා අපට අත වනල යන්න ගියා. නැවත කවදාවත් ආපහු ආවෙ නෑ.'' ''ඉතින් ඔහුට කල හැකි එකම දෙය වුයේ සිය සිරගෙය බිද එලියට පැමිණීම සදහා කළු මිටිය ගෙන ජිවිතය පුරා ඔහු රැස් කළ පොත් විනාශ කර දැමීමය''

Books Related to This Book

Weli Kadadahi
Weli Kadadahi

LKR 480.00

Kadadahi gedara
Kadadahi gedara

LKR 275.00