Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Kalathraye Saranni Translation of The Midnight Rose by Lucinda Riley

Kalathraye Saranni Translation of The Midnight Rose by Lucinda Riley

0 customer ratings, click here to login to do the ratings.

by T.M.G Arachchi
Price : LKR 1,500.00

Book Details
ISBN9789553609311
AuthorT.M.G Arachchi
PublisherAgahas
Year2019
Edition1
Category පරිවර්තන නවකතා

Book Description

රිතාන්‍ය පාලන සමයේ දී ඉන්දියානු සංස්කෘතික පසුබිමෙහි උසස්ලෙස සැලෙකෙන උපතක් ඇති නමුත් දිළිඳු බව නිසා අසරණ වූ එකොළොස් වියැති දැරියක වන අනාහිතා, ඇයට අහම්බෙන් මුණගැසෙන ඉතා ධනවත් ඉන්දියානු මහරාජා වරයෙකුගේ වරප්‍රසාද ලත් හිතුවක්කාර දියණිය වන සමවයසැති ඉන්දිරා සමඟ ජීවිත කාලය පුරා දිවෙන දැඩි මිතුරු දමක් ගොඩනගා ගනී. ඒ ඔස්සේ ඉන්දිරා කුමරියගේ නිල සහයිකාව වන ඇයට තම මිතුරිය සමඟ නේවාසික පාසලක ඉගැනුම සඳහා එංගලන්තයට පැමිණීමේ අවස්ථාව හිමිවේ. පෞඪත්වයෙන් අනූන වූ ගම්බඳ ඉංග්‍රීසි රදල පවුලකට අයත්, ඇස්ට්බරි වතුයායේ උරුමක්කාරයා වන මුත් ඉතා සරළ පුද්ගලයෙක් වන ඩොනාල්ඩ් ඇස්ට්බරි ඇයට මුණ ගැසෙන්නේ පළමු ලෝක මහා යුද්ධය ඇරඹීමට ඉතා ආසන්නව තිබු දිනයන්හී දී ය. තරුණ ඇස්බරිට වඩා සම්පූර්ණයෙන් වෙනස්, අහංකාර වූ දැඩි ගති ගුණ ඇති ගැහැණියක වන ඔහුගේ මව මෝඩ් ඇස්ට්බරි මේ සියළු ජීවිත පාලනය කරන අදිසි බලවේගය බවට පත්වන්නීය. වසර 90කට පසුව, හොලිවුඩ් හී වඩාත්ම දිදුළන චිත්‍රපට තාරකාව වන රෙබෙකා බ්‍රැඩ්ලි තම හුරු පුරුදු දීප්තිය වියැකී ගිය ඇස්ට්බරි මන්දිරයට පැමිණෙන්නේ විසිවන සිය වසේ මුල් යුගයේ කතාවක් රැගත් චිත්‍රපටයක ප්‍රධාන චරිතය රඟපෑම සඳහා ය. ඈ හා සමානවම ජනප්‍රිය නලුවෙකු වන තම පෙම්වතා සමඟ පවත්නා පීඩාකාරී වු සම්බන්ධය යම් කඩයිමකට පැමිණ ඇති මොහොතේ තමාට දැඩි හිරිහැරයක්ව ඇති මාධ්‍යයන්ගේ බැල්මෙන් තොරව ඩාට් මුවර් හී ගම්බද පෙදෙසක ගත කරන්නට ලැබීම රෙබෙකාට මහත් අස්වැසුමක් ගෙන දෙයි. චිත්‍රපට රූගත කිරීම ඇරඹී කිහිප දිනක් ගතවෙත්ම අනපේක්ෂිතව එහි පැමිණෙන අමුත්තෙකු ඈට මුණ ගැසේ. ඒ තම පවුලේ අතීතයේ නොවිසඳුන රහසක තොරතුරු සෙයාගෙන ඉන්දියාවෙන් පැමිණි අරී මලික්, අනාහිතා චවාන්ගේ මී මුනුපුරාය. ඔහුත් රෙබෙකාත් එක්ව සොයාගන්නා දේ තුළ, ඇස්ට්බරි මන්දිරයේ පදනම දෙදෙරා යාමට තරම් ප්‍රභල වූ ද, සියවසකට පමණ කාලයක් ආසන්න වූ කාලයේ සැඟව තිබුනා වූ ද, අඳුරු රහසක් නිරාවරණයට මඟ පාදයි.

Books Related to This Book

Kalathraye Saranni Translation of The Midnight Rose by Lucinda Riley
Kalathraye Saranni Translation of The Midnight Rose by Lucinda Riley

LKR 1,500.00