Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Hirakaari

Hirakaari

0 customer ratings, click here to login to do the ratings.

by Muditha Herath
Price : LKR 370.00

Book Details
ISBN9789556912357
AuthorMuditha Herath
PublisherWijesooriya
Year2017
Edition1
Category Sinhala Books

Book Description

“නංගී මෙව්වා උඹේ විතරක් නෙවෙයි අපෙත් වැරදි“ අක්කා කිව්වා. එදා මට දරුවෙක් ලැබෙන්ට ඉන්නවා කියලා දැනගත්තු දවසෙ ඉඳන් හරියට මගේ මූණවත් නොබලපු අක්කා ආයෙමත් මට නංගී කියලා කතා කරේ අදයි. මගේ ඇස් වලට කඳුළු පිරුණා. “අම්මයි අප්පච්චියි මල්ලි ගැනම විස්සෝප වෙවී උන්නා මිසක් උඹට යන කලක් බැලුවෙ නෑ“ මමත් කටුගස්තොටටම වෙලා ඉන්නේ නැතුව උඹ ගැන හොයල බලන්ට තිවුනා’” අක්කා කිව්වා. “උඹව මේ වලව්වෙන් පිට කොහේවත් යවන්නෙ නෑ මං.. තැන් තැන් වල ගිහින් එක එකායෙන් කතන්දර අහන්නෙ මොකටද.. දරුව අවජාතක උනාට උඹ මයෙ නංගි නෙව.. මං උඹව බලාගන්නං“ මට ඇඩුම් නවත්තගන්ට බැරි උනා. මං අඩද්දිම අක්කා එක දිගටම කතා කරා. ......................... මං මේ කාමරේ හිරකාරියක් වෙලා දැන් සුමානෙකටත් වැඩියි. මේ කාමරේට ආපු දවසේ ඉඳන් මට දැනෙන්නේ මගේ ජීවිතේම මේ කාමරේ දොරෙන් පිට තියලා ආවා වගේ. කාලය ගත වෙන එකත් නැවතිලා වගේ. දවස් ගෙවෙනවා කියලා මට දැනෙන්නේ උදේට ඉර එළිය ඩිංගක් පේන එකයි හැන්දෑවට කලුවර වැටෙන එකයි නිසා විතරයි. බඩගින්නක් දැනෙන්නෙත් නෑ. නිදිමතක් හැදෙන්නෙත් නෑ. සේදිනා ඇවිදින් මගේ ලඟ ඉඳගෙන පැය ගණන් කියවනවා. ඒ කියවන ඒවට මං හූ මිටි තිබ්බත් ඒ කිසි දෙයක් මට ඇහෙන නෑහෙන ගාණයි. නිදාගත්තත් ඇහැරිලා උන්නත් මට පේන්නෙ එකම හීනයක් විතරයි. සිරිදාස ආපහු ගමට ඇවිත් මාව හොයාගෙන එන හැටි විතරයි. “මට සමාවෙන්ට චූටි මැණිකෙ.. මං චූටි මැණිකෙව දාලා පැනලා ගියේ හිතකිං නෙවෙයි.. වලව්වෙ ඇත්තන්ට තිවුන බය හන්දා. චූටි මැණිකෙව එක්කාන ගොහිං දුක් දෙන්ටත් මට ලෝබ හිතුණා.. මට හරි හමන් රස්සාවක්කත් ඉන්ට හිටින්ට තැනක්වත් නැති හන්දා.. ඒත් චූටි මැණිකෙ අත් ඇරලා ගිහිං ජීවත් වෙන්ටත් මට බෑ“.. සිරිදාස මාව හොයාගෙන ඇවිත් කියනවා. දුක හේදිලාම ගිහිං මගේ හිත සන්තෝසෙන් පිම්බෙනවා. ඒත් ඒ සන්තෝසෙ ඇස් වහගෙන ඉන්නකං විතරයි. ඇස් ඇරලා බලපුවාම සිරිදාස මෙතන නෑ. මෙතන නෙවෙයි ගමෙත් නෑ. ඒ හීනෙ විතරක් නෙවෙයි. මගේ හීන හැම එකක්ම බිඳිලා ගිහින්. වලව්ව දැන් එහෙම පිටින්ම හිර ගෙයක් වගේ. මිනිය සොහොනට ගෙනිච්චට පස්සෙ පාලුවට ඇරිච්ච මල ගෙයක් වගේ. රෑට තියා දවාලකටවත් කාගෙවත් කටහඩක් හිනාවක් ඇහෙන්නෙ නැති ගාණයි. ඉඳහිට අප්පච්චි කහින සද්දෙ රෑට ඇහෙනවා විතරයි. දවස පුරාම මම ජනේලය ලඟට වෙලා වැව දිහා බලාගෙන ඉන්නවා. ................................ දවාලෙ ඉඳන් වලව්වෙ සද්ද බද්ද ගොඩයි. මේ කලබලේ මොකක්ද කියලා හිතා ගන්ට බැරුව උන්නෙ. ඒක දැන ගන්ට මට සේදිනා එනකල්ම බලාන ඉන්ට සිද්ද උනා. මේ කාමරේ දොර පිටින් අගුල් දාලා නෙව. “හිටි ගමන් ලොකු හාමුට හොඳටෝම අමාරු උනා චූටි මැණිකෙ. සුදු මැණිකෙ අද්දකත් හාමුට පණිවිඩ යවලා ගෙන්නා ගත්තා. අද්දකත් හාමුගෙ කාර්රෙකට ලොකු හාමුව දාගත්තෙ බණ්ඩප්පුවයි හේතුහාමියයි දෙන්න දෙපැත්තෙං උස්සලා... බණ්ඩප්පුවත් ගියා නෙව ලොකු හාමුයි අද්දකත් හාමුයි එක්ක. නුවර ලොකු දොස්තර මහත්තයෙක්ට පෙන්නුවලු. එවෙලෙම ටවුමෙ මහ ඉස්පිත්තාලෙ නවත්තන්ට කියැව්වලු.. අපේ ලොකු හාමුයෙ තත්තෙ ඒ හැටි හොඳ නෑ කියල. සිහිය ආපු වෙලේ ඉදං ලොකු හාමු ආපහු එන්ට ඕනැ කියැව්වලු. ආං ඒ පාර පැය දෙකෙං ටිකට් කපාන වලව්වට එක්කාන ආවා නෙව.. ඉස්පිත්තාලෙ දොස්තර ගොල්ලො හොඳටෝම දොස් කියැව්වලු එක්කං එන එකට.. ලොකු හාමු එක ඩිංගක් කියන දේ අහන්නෑලු නෙව’” “අනේ සේදිනා මට අප්පච්චි ලඟට යන්ට ඕන.. වෙනද අප්පච්චිට සනීප නැති උනාම අප්පච්චි ලඟ උන්නෙ මං. අප්පච්චි ගාවට මට යන්ට ඕන’” මං කිව්ව. “අනේ මයෙ මැණිකෙ.. මං කොහොමද මයෙ මැණිකෙව එක්කං යන්නෙ ලොකු හාමු ලඟට.? ඉන්ට මං සුදු මැණිකෙගෙං අහල බලන්නං.. කොහොම උනත් ඔය විදිහට මයෙ මැණිකෙව දැක්කොත් ලොකු හාමුගෙ අසනීපෙ තව වැඩිවෙයි නෙව.” කියලා සේදිනා කාමරෙන් එළියට ගියේ ආපහු දොරත් අගුලු දාගෙනමයි. අක්කා කාමරේට ආවෙ හොඳටෝම හැන්දෑ වෙලා. “අනේ අක්කෙ.. මට අප්පච්චි බලන්ට යන්ට ඕන.. එකම එක සැරයක් මට අප්පච්චි බලන්ට ඉඩ දෙන්ට.” මං යාප්පු උනා. “උඹට පිස්සුද.. උඹ මේ බඩකුත් උස්සගෙන අප්පච්චි ඉස්සරහට ගියොත් ඒ මනුස්සය ඔය පපුවෙ අමාරුවෙන්ම මැරිලා යයි..” අක්කා සැර උනා. මම තවත් මොනව කියන්ටද.. මං වැරැද්දක් කරා තමයි.. ඒත් දෙයියනේ ඒ වැරැද්දට මං මේ තරමට දඩුවම් විඳින්ට ඕනද..

Books Related to This Book

Hirakaari
Hirakaari

LKR 370.00