by Chamminda Wekagedara
Price : LKR 1,200.00
| ISBN | 9789556777925 |
| Author | Chamminda Wekagedara |
| Publisher | Fast |
| Year | 2018 |
| Edition | 1 |
| Category | Sinhala Books |
අඩී මං තිට කී ගමනක් නම් කියා ඇතිද ඔය කොණ්ඩෙි බැඳ බැඳ රෙද්ද ඇඳ ඇඳ ඇවිදින්නේ නැතුවා කියා." "ආයේ මං වරිග සභාව ඉස්සරහැ ද ඉන්නේ, තමුන්ගේ වාහේ ළඟ නොවැ." "වාහේ ඉස්සරහ රෙද්ද ඔයන්ඩ උනාම වේරසමා වාගේ* ඕං පිම්මේ අස කඩන එකී අපූරුයි, කොණ්ඩෙි බැඳ බැඳ පපුව හොල්ලාදු කොරාන එන රඟේ." "මේ වාහෙට මොකෑ මේ වැහිලා ඉන්නේ, තාම ඉර මුදුන් කොරණ්ඩත් කලියෙං." "තිට මං කියන්නැතුවා ගන් මෙහෙට ඔය වප්පිහිය. මේ පතකඩේ හිරවෙලා මං තැරි අදිනවා මෙතැන." "ඒක ගලවගන්ඩ පරාණ දහිරිය නැතුව තමා මගේ චීත්තේ ඔහන්ඩ හදන්නේ." *වේරසමා වාගේ - කෝපය ආවේස කරගත්තා. බොහෝ දුක්ඛ දෝමනස්සයන් අනුභව කරමින් පොළොව හා ජලය උදෙසා විවිධ ගැටුම් අරගලවල යෙදෙන නුවර කලාවියේ ඇත්තන්ගේ හදගැස්ම පාඨකයාට සංවේදී කරවන මනරම් භාෂා ශෛලියකින් රචිත රසාලිප්ත නවකතාවකි.