ISBN | 9789551319373 |
Author | A. Kuprin |
Publisher | Pragathi Creations |
Year | 0 |
Edition | 1 |
Category | Sports |
නීකා , මා කියන කතාවට සැලකිල්ලෙන් සවන් දෙන්න. හොඳ ළමයා වගේ මේස රෙද්ද අදින්නේ අදින්නේ නැතුව , එය වටේට තියෙන නූල් එකට ගොතන්නේ නැතුව ඉන්න. .. අපේ පූසාගේ නම යුෂ්කා. අපේ යූෂ්කා ගෙදර ඕන තැනක ඌට ඕන තැනක හැසිරුණා. සෝපාව උඩ, පාපිස්න උඩ,පුටුවල සහ පියානෝව උඩ ඌ නිදාගත්තා. පුවත්පත් ගොඩගහලා තිබුණොත් අපේ යූෂ්කා ඵ්ක උඩට නැගලා ඉන්නවා. මුද්‍රණ තීන්තවල පුසුඹට බළල්ලු කැමතියි .ඵ් විතරක් නොවෙයි පුවත්පත්, කඩදාසි උණුසුම ආරක්ෂා කරනවා.. යූෂ්කා හෙමිහිට දොර ළඟට ඇවිල්ලා හොම්බෙන් දොර තල්ලු කරනවා, මගේ කාමරයට ඇතුළු වෙලා ඇඳට පැනලා හොම්බ මගේ අතට අතුල්ලනවා, රෝස පාට පුංචි නහය මගේ කම්මුලට කිට්ටු කරලා "මුර්ර්ර්" ගානවා.