Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Beema Rajya

Beema Rajya

0 customer ratings, click here to login to do the ratings.

by Channa Bandara Vijekoon
Price : LKR 600.00

Book Details
ISBN9789553112996
AuthorChanna Bandara Vijekoon
PublisherSARASAVI
Year2019
Edition1
Category Sinhala Books

Book Description

ජෙසිකා ස්ටර්න් සහ ජේ. එම්. බර්ගර් විසින් රචිත ISIS: The State of Terror කෘතියේ සිංහල පරිවර්තනයයි. ------------- තැඹිලි පැහැ ජම්පරයක් හැඳගත් ඇමරිකානුවෙක් ඔබ දැන් දකී. මෙලෙස ඇඳුමකින් ඔහුව පෙන්වන්නේ එක්සත් ජනපදය විසින් අල්වා ගනු ලැබ සිරගතකොට සිටින අල් කයිඩා කැරලිකරුවන් සිහිගන්වන්නටය. සර්වාංගයම කළු ඇඳුමකින් වසාගත් පුද්ගලයෙක් ඉදිරියේ ඔහු දණගසා ගෙන සිටී. කළු ඇඳුම්කාරයා වෙස් මුහුණකින් මුහුණ ආවරණය කරගෙනය. ඔහුගේ අතේ දිලිසෙන උල් පිහියකි. ලොව බොහෝ දෙනා දන්නා පරිදි, මෙම ප‍්‍රතිරූපය ඇත්තේ, එක්තරා ත‍්‍රස්තවාදී සහ විප්ලවවාදී සංවිධානයක සාමාජිකයන් වෙතය. එම කණ්ඩායම තමන් හඳුන්වා ගත්තේ, ‘ඉරාකයේ හා සිරියාවේ ඉස්ලාමික රාජ්‍යය’(Islamic State in Iraq and Syria) හෙවත් ISIS කියාය. වත්මන ඔවුන් තමන් හඳුන්වා ගන්නේ ‘ඉස්ලාමික රාජ්‍යය’ (Islamic State) යනුවෙනි. ඔවුන් නිබඳව පරිණාමයට බඳුන් වෙමින් ඉදිරියට යන අන්තරායකි. ISIS හි දිගු කාලීන් ඉලක්කය වන්නේ, ජාතික මායිම් ඉක්මවා පැතිරුණු මුස්ලිම්, සිවිල් හා ආගමික බලප‍්‍රදේශයකි. 2014 අගෝස්තු 19 වනදා අන්තර්ජාලයට මුදාහරින ලදුව, සමාජ ජාලා මගින් පුළුල්ව ප‍්‍රචාරය කරන ලද වීඩියෝ පටයක් මගින් අර ඇමරිකානුවා ජනාධිපති ඔබාමාට අවවාදයක් කරයි. එ් ඉස්ලාමික රජයට විරුද්ධව කරන ගුවන් ප‍්‍රහාර නවත්වන ලෙසයි. ....ඔහු බැරැක් ඔබාමා හට අනතුරු අඟවයි. ISIS වෙත එල්ල කෙරෙන ඇමරිකානු ප‍්‍රහාරවල නියත ප‍්‍රතිඵලය ලෙසට, ඇමරිකානුවන්ගේ රුධිරය ගලායනු ඇති බවට ඔහු අනතුරු අඟවයි. කතාව අවසන් කළ වහාම හෙතෙම දණගසාගෙන සිටින ඇමරිකානුවාගේ ගෙලට තම පිහිය තබයි. එසැණින් කැමරාව එල්ල වන්නේ අහිංසකයාගේ කයින් වෙන්වුණ හිස වෙතටය. ඔහුගේ අප‍්‍රාණික කවන්ධ සිරුරද පසෙක වැටිලාය. වීඩියෝවෙහි පෙන්වූයේ එ් ජරා සිද්ධියේ ආරම්භක අවස්ථාව පමණි. එහෙත් මියැදෙන්නට මොහොතකට පෙර ඇමරිකානුවාගේ දෑස් මත රැුඳී තිබූ බියපත් පෙනුම, කෙනෙකුට ලෙහෙසියෙන් මතකයෙන් බැහැර කළ හැක්කක් නොවීය. මියගිය ඇමරිකානුවා, ජේම්ස් ෆොලේ නම් වූ ඡුායාරූප ශිල්පී මාධ්‍යවේදියාය. ඔහු පැහැර ගනු ලැබූයේ 2012 දී ය. එතැන් සිට හිස ගසා දමනු ලැබූ මෙදින දක්වා ඔහුට අනේකවිධ හිරිහැර විඳින්නට සිදු විය. නිරතුරුව පහරකෑමට හා නිරාහාරව සිටීමටද සිදු විය. නොසැබිකම අඩු ලොවක දිවිගෙවීමට හුරුව සිටින අප, මෙවන් දසුන් මාධ්‍ය තුළින් කරළියට එනවිට අපි හැකිළී ගන්නෙමු. එ්, මෙවැනි ත‍්‍රස්තවාදී ම්ලේච්ඡු කි‍්‍රයාවන් අප පිළිකෙව් කරනා හෙයිනි. ------------- ජෙසිකා ස්ටර්න් සහ ජේ. එම්. බර්ගර් යන ලොව ප‍්‍රමුඛ පෙළේ ත‍්‍රස්තවාදී විශේෂඥ භාවයක් දරන කතුවරුන් දෙදෙනා, ISIS ත‍්‍රස්තවාදීන් උත්පාද වූ ආකාරය, එ් කෲරත්වය විකාශනය වූ ආකාරය හා එ් අපරාධ අනුමිතිය මනාව විග‍්‍රහ කර දක්වති. එමෙන්ම ඊට එරෙහිව සටන් වදින අයුරුද පහදති. එපමණක් නොව ෂීෂී කල්ලි සතු අති සුවිශේෂ වූ රහස් ඔත්තු මූලාශ‍්‍ර ග‍්‍රහණය කරන ආකාරය පමණක් නොව, නීතිය කි‍්‍රයාත්මක කිරීම හා බිම් මට්ටමින් එ් පිළිබඳ පර්යේෂණ කරන ආකාරයද පහදන්නකි, මේ පොත. මෙය කාලීන අවශ්‍යතාවලට ගැළපේ. එමෙන්ම අත්‍යවශ්‍ය විමර්ශන කෘතියකි. ඉරාකයේ අල් කයිඩාවේ නැඟීම හා බැසීම, ISIS නැඟීම, අල් කයිඩා - ISIS යුද්ධය, සමාජ ජාල මාධ්‍ය හා ජිහාඩය ඇතුළු කරුණු ගණනාවකින් මෙම කෘතිය සමන්විතයි. ”ඉතා අනගිය, ඉතා නිවරදය, එමෙන්ම අවබෝධය ඇති කරයි.” - ලිටරරි රිවීව් ”ඉතා සුපැහැදිලිය....සංක්ෂිප්තය. මේ කෘතියෙන් අත් කර ගත් ජයග‍්‍රහණය නම්, ලේ විලක ගිලී ගත් ‘ජිහාද්වරු’ විනිවිද දකින්නට එය ඉවහල් වීමය.” - ඬේලි ටෙලිග‍්‍රාෆ්

Books Related to This Book

Beema Rathriya : Holman Maduraka Nonimi Rayak
Beema Rathriya : Holman Maduraka Nonimi Rayak

LKR 280.00

Wada Bari Dasa Gana Katha Guwane Piyabeema
Wada Bari Dasa Gana Katha Guwane Piyabeema

LKR 100.00

Beema Rajya
Beema Rajya

LKR 600.00

Deegayu Labeemata Wasa Visen Thorawa Bawaboga waga karaganemata Upedes
Deegayu Labeemata Wasa Visen Thorawa Bawaboga waga karaganemata Upedes

LKR 450.00

Scrap Sheet Beema Warga
Scrap Sheet Beema Warga

LKR 12.00